
| No | Speaker |
Segment |
|
1 |
Client | සුභ උදෑසනක්, මම විශ්රාම සැලැස්මක් ගැන කතා කරන්න කැමතියි. |
|
Translation |
Good morning, I’d like to talk about a retirement plan. | |
| Advisor | Good morning! I’ll be happy to help you with that. May I know your current age and work status? | |
|
Translation |
භ උදෑසනක්! මම ඒ ගැන උදව් කිරීමට සතුටුයි. කරුණාකර ඔබගේ වයස සහ රැකියා තත්ත්වය කියන්න. | |
|
2 |
Client | මගේ වයස අවුරුදු 45 යි, මම තවත් අවුරුදු 15 ක් වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා. |
|
Translation |
I’m 45 years old, and I expect to work for another 15 years. | |
| Advisor | That’s great. Have you already started saving for your retirement? | |
|
Translation |
හරි. ඔබ දැනටමත් ඔබේ විශ්රාම ජීවිතය සඳහා ඉතිරි කිරීම ආරම්භ කර තිබේද? | |
|
3 |
Client | ඔව්, මම මගේ විශ්රාම වැටුපට දායක වෙනවා. |
|
Translation |
Yes, I’m contributing to my superannuation. | |
| Advisor | Good. You can also make additional voluntary contributions to increase your savings. | |
| Translation | හොඳයි. ඔබේ ඉතුරුම් වැඩි කර ගැනීම සඳහා ඔබට අමතර ස්වේච්ඡා දායකත්වයන් ද ලබා දෙන්න පුළුවන්. | |
|
4 |
Client | මට එය කරන විධිය කියලා දෙනවද? |
|
Translation |
Can you please explain how to do that? | |
| Advisor | Of course. You can set it up through your employer or your super fund account. | |
|
Translation |
ඇත්ත වශයෙන්ම. ඔබට එය ඔබේ සේවායෝජකයා හෝ ඔබේ සුපිරි අරමුදල් ගිණුම හරහා සකසන්න පුළුවන්. | |
|
5 |
Client | මට එයින් බදු ප්රතිලාභයක් ලැබෙනවාද? |
|
Translation |
Do I get a tax benefit from that? | |
| Advisor | Yes, you may get a tax deduction on voluntary contributions. | |
|
Translation |
ඔව්, ඔබට ස්වේච්ඡා දායක මුදල් සඳහා බදු අඩු කිරීමක් ලබා ගන්න පුළුවන්.. | |
|
6 |
Client | වෙනත් විශ්රාම සැලසුම් විකල්ප තියෙනවද? |
|
Translation |
Are there any other retirement plan options? | |
| Advisor | Yes, you can consider managed funds or investment portfolios depending on your goals. | |
|
Translation |
ඔව්, ඔබේ ඉලක්ක අනුව කළමනාකරණය කළ අරමුදල් හෝ ආයෝජන කළඹ සලකා බලන්න පුළුවන්. | |
|
7 |
Client | මට ඕන නම්, එකක් විවෘත කරන්න උදව් කරන්න පුළුවන්ද? |
|
Translation |
If I want, can you help me open one? | |
| Advisor | Yes, absolutely. We can prepare all the forms and start it today. | |
|
Translation |
ඔව්, නියත වශයෙන්ම. අපට සියලුම ආකෘති පත්ර සූදානම් කර අදම එය ආරම්භ කරන්න පුළුවන්. | |
|
8 |
Client | ඔබේ උපදෙසට ස්තූතියි. දැන් මට ඒක ගොඩක් පැහැදිලියි. |
|
Translation |
Thank you for your advice. It’s much clearer to me now. | |
| Advisor | You’re welcome! I’ll send you all the details by email. | |
|
Translation |
ඔබට ස්තුතියි! මම සියලු විස්තර විද්යුත් තැපෑලෙන් එවන්නම්. | |
|
9 |
Client | ඔබට සුභ දවසක් වේවා! |
|
Translation |
Have a nice day! | |
| Advisor | You too , Thank you! | |
|
Translation |
ඔබටත් සුභ දවසක්,ස්තුතියි! |