
|
No |
Speaker |
Segment |
|
1 |
Resident | සුභ උදෑසනක්. |
|
Translation |
Good morning. | |
| Charity Worker | Good morning. How can I help you today. | |
|
Translation |
සුභ උදෑසනක්. අද මම ඔබට උදව් කරන්නේ කෙසේද? | |
|
2 |
Resident | මේ දවස්වල මට ඇත්තටම සමාජයට දායක වෙන්න ඕන. අඩු ආදායම්ලාභී පවුල්වලට උදව් කරන්න සිල්ලර බඩු ටිකක් පරිත්‍යාග කරන්න මම හිතනවා. කරුණාකර ඔබේ සංවිධානයේ ක්‍රියාවලිය මට පැහැදිලි කරන්න පුළුවන්ද? |
|
Translation |
These days, I really want to contribute to society. I’m thinking of donating some groceries to help underprivileged families. Could you please explain the process of your organisation to me? | |
| Charity Worker | That’s very kind of you. We have a regular program where we collect food donations from the community and then distribute them to families in need. I can guide you through the steps of how it all works. | |
|
Translation |
එය ගොඩක් කරුණාවන්ත දෙයක්. අපි ප්‍රජාවෙන් ආහාර පරිත්‍යාග එකතු කරලා අවශ්‍යතා ඇති පවුල්වලට බෙදා දෙන නිතිපතා වැඩසටහනක් තියෙනවා. ඒ සියල්ල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පියවර හරහා මට ඔබට මඟ පෙන්වන්න පුළුවන්. | |
|
3 |
Resident | මගේ ගෙදර සහල්, පරිප්පු සහ ටින් කළ ආහාර තියෙනවා. මම ඒවා ඔයාට දුන්නොත්, අවශ්‍යතා ඇති අයට යවන්න පුළුවන්ද? |
|
Translation |
At home, I have rice, lentils, and canned food available. If I give them to you, can you send them to the people in need? | |
| Charity Worker | Yes, those are exactly the kinds of items we need. We usually ask for non-perishable goods like rice, dhal, canned food, pasta, and milk powder. Fresh food is also accepted, but it must be distributed immediately. | |
|
Translation |
ඔව්, ඒවා හරියටම අපට අවශ්‍ය අයිතම වර්ග. අපි සාමාන්‍යයෙන් සහල්, පරිප්පු, ටින් කළ ආහාර, පැස්ටා සහ කිරිපිටි වැනි ඉක්මනින් නරක් නොවන ආහාර භාණ්ඩ ඉල්ලනවා. නැවුම් ආහාර ද අවශ්‍යයි, නමුත් ඒව ඉක්මනින් බෙදා හැරින්න ඕන. | |
|
4 |
Resident | ප්‍රවාහන වියදම් වැඩි නිසා, ඒවා මටම ගෙනත් දෙන්න අමාරුයි. ඔබේ කණ්ඩායමට මගේ ගෙදර එන්න පුළුවන් නම්, මට පරිත්‍යාග කරන්න පහසු වේවි. |
|
Translation |
Because transport costs are high, it’s hard for me to deliver them myself. If your team can come to my home, it will be easier for me to donate. | |
| Charity Worker | That’s fine. We have volunteers who can pick up groceries directly from your house. Or, if you prefer, you can drop them at our centre at a convenient time. | |
|
Translation |
ඒකට කමක් නැහැ. ඔබේ නිවසින් කෙලින්ම සිල්ලර බඩු ලබා ගත හැකි ස්වේච්ඡා සේවකයන් අපට ඉන්නවා. නැති නම්, ඔබ කැමති නම්, ඔබට පහසු වේලාවක අපගේ මධ්‍යස්ථානයට ඒවා භාර දෙන්න පුළුවන්. | |
|
5 |
Resident | මගේ දරුවන්ටත් මේ ගැන කියන්න මම හිතන් ඉන්නවා, එතකොට එයාලටත් ප්‍රජා සේවයට සම්බන්ධ වෙන්න පුළුවන්. |
|
Translation |
I also plan to tell my children about this, so that they too can get involved in community service. | |
| Charity Worker | That’s wonderful. It’s important that children learn about generosity and kindness. Families donating together really helps to strengthen community spirit. | |
|
Translation |
ඒක අපූරුයි. දරුවන් ත්‍යාගශීලී බව සහ කරුණාව ගැන ඉගෙන ගැනීම වැදගත්. පවුල් එක්ව පරිත්‍යාග කිරීම ප්‍රජා හැඟීම ශක්තිමත් කිරීමට සැබවින්ම උපකාර වෙනවා. | |
|
6 |
Resident | කල් ඉකුත් වූ හෝ අපිරිසිදු ආහාර පරිත්‍යාග නොකළ යුතු බව මම දන්නවා. මේ සම්බන්ධයෙන් ඔබට විශේෂ නීති තිබේද? |
|
Translation |
I know that expired or unclean food should not be donated. Do you have any special rules about this? | |
| Charity Worker | Yes, we do. We only accept sealed, clean, and non-expired groceries to ensure the safety of families. Hygiene and quality are very important, especially when children and elderly people are involved. | |
|
Translation |
ඔව්, අපිට තියෙනවා. පවුල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා අපි මුද්‍රා තැබූ, පිරිසිදු සහ කල් ඉකුත් නොවූ සිල්ලර බඩු පමණක් පිළිගන්නවා. විශේෂයෙන් ළමයින් සහ වැඩිහිටියන් සම්බන්ධ වන විට සනීපාරක්ෂාව සහ ගුණාත්මකභාවය ඉතා වැදගත් වෙනවා. | |
|
7 |
Resident | ඒක පැහැදිලියි. මම සතිය අවසානයේ පරිත්‍යාග කරන්න කැමතියි. මගේ ගෙදරට එන ස්වේච්ඡා සේවකයන්ට මට ඒක භාර දෙන්න පුළුවන්ද? |
|
Translation |
That’s clear. I’d like to donate at the end of the week. Can I hand it over to the volunteers who come to my house? | |
| Charity Worker | Yes, that’s perfect. Just let us know your preferred time and we’ll send a team. They’ll also give you a receipt for your donation. | |
|
Translation |
ඔව්, ඒක හොඳයි. ඔබ කැමති වේලාව අපට දන්වන්න, අපි කණ්ඩායමක් එවන්නම්. ඔවුන් ඔබේ පරිත්‍යාගය සඳහා රිසිට්පතක් ද ලබා දෙයි. | |
|
8 |
Resident | මට මේක කරන්න පුළුවන් වීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. මගේ පරිත්‍යාගයෙන් පවුල් කිහිපයකටවත් උදව් කරන්න පුළුවන් නම්, ඒක මට ගොඩක් වටින දෙයක්. |
|
Translation |
I’m really happy that I can do this. If my donation can help even a few families, that’s something very valuable to me. | |
| Charity Worker | We are truly grateful. Every single donation makes a big difference in someone’s life. Thank you very much for your kindness and generosity. | |
|
Translation |
අපි සැබවින්ම කෘතඥ වෙනවා. සෑම පරිත්‍යාගයක්ම කෙනෙකුගේ ජීවිතයේ විශාල වෙනසක් ඇති කරනවා. ඔබගේ කරුණාව සහ ත්‍යාගශීලීභාවයට බොහොම ස්තූතියි. |