
|
No |
Speaker |
Segment |
|
1 |
Mother | ආයුබෝවන්, මගේ පුතාට දවස් කිහිපයක ඉඳන් උණ සහ කැස්ස තියෙන නිසා මම ඔයාව හමුවන්න ආවෙ. |
|
Translation |
Hello, I came to see you because my son has had a fever and a cough for a few days. | |
| Doctor | Good morning! Thanks for coming in. Let’s see what’s going on with your son. How long has he been unwell exactly? | |
|
Translation |
සුභ උදෑසනක්! ආවට ස්තූතියි. අපි බලමු ඔයාගේ පුතාට මොකද වෙලා තියෙන්නේ කියලා. එයා කොච්චර කල් ඉඳන් අසනීපෙන්ද? | |
|
2 |
Mother | දින පහක් විතරට ඔහුට උණ තියෙනවා, කැස්සත් නවතින්නේ නැහැ. |
|
Translation |
He’s had a fever for about five days, and the cough hasn’t stopped. | |
| Doctor | Alright, has he had any vomiting, sore throat, or breathing difficulties? | |
|
Translation |
හරි, ඔහුට වමනයක්, උගුරේ වේදනාවක් හෝ ශ්වාස ගැටලු තිබ්බද? | |
|
3 |
Mother | ඔව්, එයා ගැඹුරින් හුස්ම ගන්නකොට ටිකක් අමාරුයි, විශේෂයෙන් රෑට. මම එයාට පැරසිටමෝල් දුන්නත්, උණ අඩු වුණේ නැහැ. මම හිතන්නේ එයාට උණ වගේ දෙයක් තියෙන්න ඇති. |
|
Translation |
Yes, he struggles a bit when breathing deeply, especially at night. Even though I’ve given him paracetamol, the fever hasn’t gone down. I think he might have something like the flu. | |
| Doctor | I understand. I’ll check his temperature, throat, and chest to make sure there’s no infection or wheezing. | |
|
Translation |
මට තේරෙනවා. ආසාදනයක් හෝ හුස්ම හිරවීමක් නැති බව සහතික කර ගැනීම සඳහා මම ඔහුගේ උෂ්ණත්වය, උගුර සහ පපුව පරීක්ෂා කරන්නම්. | |
|
4 |
Mother | හොඳයි, කරුණාකර බලන්න. මම ටිකක් බියවෙලා ඉන්නවා. |
|
Translation |
Sure, please check. I’m a bit worried. | |
| Doctor | That’s understandable. Let me just listen to his chest for a moment… Okay, it sounds like a mild chest infection. | |
|
Translation |
ඒක තේරෙනවා. මට එයාගේ පපුවේ ශබ්දය පොඩ්ඩක් අහන්න දෙන්න… හරි, ඒක මෘදු පපුවේ ආසාදනයක් වගේ. | |
|
5 |
Mother | ඒක අහලා මට ටිකක් බිය උනා, නමුත් ඇත්ත තත්ත්වය දැනගන්න එක හොඳයි කියලා මම හිතනවා. මට දැනගන්න ඕන එයාට ප්‍රතිජීවක අවශ්‍ය වෙයිද නැත්නම් ගෙදරදීම සුවය ලබන්න පුළුවන්ද කියලා විතරයි. |
|
Translation |
Hearing that made me a bit worried, but I think it’s good to know the real situation. I just want to know whether he’ll need antibiotics or if he can recover at home. | |
| Doctor | That’s a good question. I’ll prescribe a mild antibiotic, but also make sure he gets enough rest and fluids. It should improve within a few days. | |
|
Translation |
ඒක හොඳ ප්‍රශ්නයක්. මම මෘදු ප්‍රතිජීවකයක් නිර්දේශ කරන්නම්, නමුත් ඔහුට ප්‍රමාණවත් විවේකයක් සහ දියර ලැබෙන බවටත් වග බලා ගන්න. එය දින කිහිපයක් ඇතුළත හොඳ වෙන්න ඕන. | |
|
6 |
Mother | බොහොම ස්තූතියි. මම ටිකක් කනස්සල්ලෙන් ඉන්නේ මොකද මේ එයා ප්‍රතිජීවක ගන්න පළවෙනි වතාවට. |
|
Translation |
Thank you very much. I’m just a bit concerned because this is the first time he’ll be taking antibiotics. | |
| Doctor | That’s perfectly fine. It’s a very mild one and safe for children his age. | |
|
Translation |
එක හරි. ඒක හරිම මෘදු එකක්, එයාගේ වයසේ ළමයින්ට ආරක්ෂිතයි. | |
|
7 |
Mother | හරි. ඔයා කිව්ව විදියට මම එයාට සම්පූර්ණ බෙහෙත් වට්ටෝරුවම දෙන්නම්. ඒත් උණ අඩු වුණේ නැත්නම් හෝ එයාගේ හුස්ම ගැනීම නරක අතට හැරුනොත්, මම එයාව ඉක්මනට ඔයාට ආපහු අරන් එන්නම් |
|
Translation |
Alright. I’ll make sure to give him the full course of the medicine as you advised. But if the fever doesn’t go down or if his breathing gets worse, I’ll bring him back to you immediately. | |
| Doctor | That’s right. If symptoms persist, we can do a follow-up check or an X-ray just to be sure. | |
|
Translation |
ඒක හරි. රෝග ලක්ෂණ දිගටම පැවතුනොත්, අපට තහවුරු කර ගැනීම සඳහා පසු විපරම් පරීක්ෂණයක් හෝ එක්ස් කිරණ පරීක්ෂණයක් කරන්න පුළුවන්. | |
|
8 |
Mother | හොඳයි, ස්තුතියි, මට දැන් විශ්වාසයක් තියෙනවා ඔහු හොඳ වෙන බවට. |
|
Translation |
Alright, thank you. I feel more confident now that he’ll get better soon. | |
| Doctor | You’re welcome! Take care, and let me know if there’s any change. | |
|
Translation |
ඔබට ස්තුතියි! හොඳින් ඉන්න, වෙනසක් තියෙනවා නම් මට කියන්න. | |
|
9 |
Mother | ස්තුතියි, සුභ දවසක් වේවා. |
|
Translation |
Thank you, have a nice day. | |
| Doctor | You too, take care! | |
|
Translation |
ඔබටත් සුභ දවසක් වේවා. |