
Domain: Taxation
Gender of English speaker: Male
Gender of LOTE speaker: Female
Scenario: This dialogue conversation takes place between a representative from Australian Tax office and victim of scam, Kumari.
The dialogue begins now.
| No | Speaker |
Segment |
|
1 |
ATO Representative | Good morning, thank you for calling ATO investigating unit, this is John. How can I help you today. |
|
Translation |
සුභ උදෑසනක්, ATO විමර්ශන ඒකකය ඇමතීමට ස්තූතියි, මේ ජෝන්. අද මම ඔබට උදව් කරන්නේ කොහොමද? | |
| Kumari | මම කුමාරි, මට ඇමතුමක් ලැබුණු අතර ඔවුන් ATO වෙතින් කතා කරන බව සඳහන් කර, මගේ මෙම වසරේ බදු වගකීම ලෙස AUD 5000 ගෙවන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. | |
|
Translation |
I’m Kumari, I received a call and they mentioned that they are calling from ATO, and asked me to pay AUD 5000 as my this year tax liability. | |
|
2 |
ATO Representative | It seems, you are in a trouble. I need to have more information. Can you please elaborate more. |
|
Translation |
ඔබ කරදරයක සිටින බව පෙනේ. මට තවත් තොරතුරු අවශ්‍යයි. කරුණාකර ඔබට තවත් විස්තර කළ හැකිද? | |
| Kumari | මට කතා කළ පුද්ගලයා ඔහු ATO හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බව සඳහන් කළ අතර, මෙම වසර සඳහා මගේ බදු වගකීම් ගෙවා නොමැති බවත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නැවැත්වීමට වහාම ගෙවන ලෙසත් මට කිව්වා. | |
|
Translation |
The person who called me mentioned that he is a senior officer in ATO, and told me that I have not paid my tax liability for this year and asked me to pay immediately to stop to have legal actions. | |
|
3 |
ATO Representative | This kind of phone calls are not unusual, we have received many complains on similar cases. We have observed that these phone calls are generated from overseas. What happened after that? |
|
Translation |
මෙවැනි දුරකථන ඇමතුම් අසාමාන්‍ය දෙයක් නොවේ, එවැනි අවස්ථා සම්බන්ධයෙන් අපට බොහෝ පැමිණිලි ලැබී තියෙනවා. මෙම දුරකථන ඇමතුම් පිටරටින් එන බව අපි නිරීක්ෂණය කර තියෙන අතර, ඊට පස්සේ මොකද වුණේ? | |
| Kumari | ඔවුන් මගෙන් මුදල් වහාම ගෙවන ලෙස ඉල්ලා මට අන්තර්ජාලය හරහා ගෙවීමට සබැඳියක් එව්වා. මම බය වුණේ මම වහාම මුදල් නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුන් කිව්වා නිසා. | |
|
Translation |
They asked me to make the payment immediately and sent me a link to pay online. I was afraid because they mentioned that they will take legal actions if I didn’t make the payment immediately. | |
|
4 |
ATO Representative | It is somehow managed by scammers to show the phone number from official ATO number. You should have called ATO official number and verify, you need to understand that ATO will never call and ask to pay money over the phone. |
|
Translation |
කෙසේ හෝ වංචාකරුවන් විසින් නිල ATO අංකයෙන් දුරකථන අංකය පෙන්වීමට උත්සාහ කරනවා. ඔබට ATO නිල අංකයට කතා කර තහවුරු කරන්න කර ගන්න තිබුණා , ATO කිසිවිටෙක දුරකථනයෙන් මුදල් ගෙවන ලෙස ඉල්ලා නොසිටින බව ඔබ තේරුම් ගත යුතුය. | |
| Kumari | ජංගම දුරකථන තිරයේ “ATO” ලෙස කෙටි කේතය දර්ශණය විය, එවිට මම විශ්වාස කළේ මෙය නිල අංකයෙන් බවයි. | |
|
Translation |
Short code was displayed in the mobile phone screen as “ATO”, then I believed this is from official number. | |
|
5 |
ATO Representative | Did they call you after 5 minutes, as they mentioned? |
|
Translation |
ඔවුන් සඳහන් කළ පරිදි ඔවුන් ඔබට විනාඩි 5කට පසුව ඇමතුවාද? | |
| Kumari | මගේ ගෙවීම පිළිගැනීමට ඔවුන් මට නැවත කතා කළේ නැත. මම මගේ මිතුරෙකුට තත්වය පැහැදිලි කළ, මගේ මිතුරා මට කීවේ මෙය වංචාවක් විය හැකි බවත්, ඉක්මනින් ATO වෙත පැමිණිලි කරන්න කියලා. මට මගේ මුදල් ආපසු ගැනීමට අවශ්‍යයි, කරුණාකර මට උදව් කරන්න. | |
|
Translation |
They didn’t call me back to acknowledge my payment. I explained the situation to one of my friends, my friend told me that this can be scam and asked me to complain to ATO urgently. I need to take my money back, can you please help me. | |
|
6 |
ATO Representative | I cannot guarantee that you will get your money back, However, we will start our investigations. Can you please provide me date and time of calls, I can provide these to my team for further investigations. |
|
Translation |
ඔබට ඔබේ මුදල් ආපසු ලැබෙනු ඇතැයි මට සහතික වෙන්න බැහැ, කොහොම වුණත් අපි අපේ පරීක්ෂණ ආරම්භ කරනවා. කරුණාකර මට ඇමතුම් දිනය සහ වේලාව ලබා දිය හැකිද, වැඩිදුර පරීක්ෂණ සඳහා මට මේවා මගේ කණ්ඩායමට දෙන්න පුළුවන්. | |
| Kumari | මට ඇමතුම ලැබුණේ දෙසැම්බර් පළමු වැනිදා උදේ, 9 ට පමණ. | |
|
Translation |
I received the first call on 01 December morning, around 9.30 am. | |
|
7 |
ATO Representative | Thank you for providing us all the information, we will start our investigations and we will let you know once we make a progress. |
|
Translation |
අපට සියලු තොරතුරු ලබා දීම ගැන ස්තූතියි, අපි අපගේ විමර්ශන ආරම්භ කරන අතර අපි ප්‍රගතියක් ලබා ගත් පසු අපි ඔබට දන්වන්නම්. | |
| Kumari | ඔයාට ස්තූතියි! | |
|
Translation |
Thank you! |