
Domain: Consumer Affairs.
Gender of English speaker: Male
Gender of LOTE speaker: Female
Scenario: This dialogue conversation takes place between a client and an officer of electricity board. The client wants to apply for a new residential electricity connection.
The dialogue begins now.
| No | Speaker |
Segment |
|
1 |
Officer | Hello, good afternoon. This is the electricity department; how can I help you today. |
|
Translation |
ආයුබෝවන්, සුභ සන්ධ්‍යාවක්. මේ විදුලිබල දෙපාර්තමේන්තුව; කොහොමද මම අද ඔබට කරන්න උදව් පුළුවන්?. | |
| Client | ආයුබෝවන්, සුබ සන්ධ්‍යාවක්. නව විදුලි සම්බන්ධතාවයක් ලබා ගන්නේ කොහොමද කියල දැන ගන්න මම ඔබට කතා කරන්නේ. | |
|
Translation |
Hello, Good Afternoon. I’m calling you to know how to get new electricity connection. | |
|
2 |
Officer | Thank you for calling us. I can help you to get a new electricity connection. Can you please let me know, is this for residential or commercial purposes? |
|
Translation |
අපව ඇමතීමට ස්තූතියි. නව විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට මට ඔබට උදව් කළ හැකිය. කරුණාකර මට දන්වන්න, මෙය නේවාසික හෝ වාණිජ අරමුණු සඳහාද? | |
| Client | මම මෑතකදී නව නිවසක් මිලදී ගත් අතර මගේ නිවසට විදුලි සම්බන්ධතාවය ලබා ගැනීමට මට අවශ්‍යයි. | |
|
Translation |
I recently purchased a new house and I wanted to get electricity connection for my house. | |
|
3 |
Officer | Good, Can I know the location of your new house, is it in city area? |
|
Translation |
හොඳයි, ඔබේ නව නිවස පිහිටා ඇති ස්ථානය මට දැනගත හැකිද, එය නගර ප්‍රදේශයේද? | |
| Client | මගේ නව නිවස ජේම්ස් වීදියේ තියෙන්නේ. | |
|
Translation |
My new house is located in James Street. | |
|
4 |
Officer | When would you like to get this connection started? |
|
Translation |
ඔබ මෙම සම්බන්ධතාවය ආරම්භ කිරීමට කැමති කවදාද? | |
| Client | මම සති අන්තයේ මගේ නව නිවසට යාමට බලාපොරොත්තු වෙනවා, මට මෙම සතිය තුළ සම්බන්ධතාවය අවශ්‍යයි. | |
|
Translation |
I expect to move to my new house during weekend, I need the connection within this week. | |
|
5 |
Officer | We will need three working days to provide a new connection. Today is Thursday, I’m sorry, we will not be able to provide new electricity connection within this week. |
|
Translation |
නව සම්බන්ධතාවයක් ලබා දීමට අපට වැඩ කරන දින තුනක් අවශ්‍ය වේ. අද බ්‍රහස්පතින්දා, මට සමාවෙන්න, මේ සතිය ඇතුළත අපට නව විදුලි සම්බන්ධතාවයක් ලබා දෙන්න බැහැ | |
| Client | හෙට වන විට මම කුලී නිවසින් යන බව මම දැනටමත් මගේ නිවසේ හිමිකරුට දන්වල තියෙන්නේ. ඒ නිසා මට දැන් ඉන්න ගෙදරින් යන්න වෙනවා. මේ සතිය ඇතුලත සම්බන්ධතාවය ගන්න විදියක් තියෙනවද? | |
|
Translation |
I already informed my landlord that I’m moving from rental house by tomorrow. Therefore, I have to move out from current house. Is there any way to get the connection within this week? | |
|
6 |
Officer | I can understand, we have priority service section to handle these kind of requests, but you have to pay additional 25% fee, if you want to get the connection under priority service. |
|
Translation |
මට තේරෙනවා, මේ ආකාරයේ ඉල්ලීම් හැසිරවීමට අපට ප්‍රමුඛතා සේවා අංශයක් තියෙනවා, නමුත් ඔබට ප්‍රමුඛතා සේවාව යටතේ සම්බන්ධතාවය ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට අමතර 25% ගාස්තුවක් ගෙවිය යුතුය. | |
| Client | ඒකට කමක් නැහැ, මම මෙම සතිය තුළ සම්බන්ධතාවය ලබා ගන්නේ නම්, අමතර 20% ගාස්තුවක් ගෙවීමට මට ප්‍රශ්නයක් නැහැ. | |
|
Translation |
It is ok, I have no problem with paying additional 20% fee, if I’m getting the connection within this week. | |
|
7 |
Officer | You have to visit our office to process this request fast, because you have to make the payment, and you have fill some forms with some document copies. |
|
Translation |
මෙම ඉල්ලීම ඉක්මනින් ක්‍රියාවට නැංවීමට ඔබට අපගේ කාර්යාලයට එන්න වෙනවා, මන්ද ඔබ ගෙවීම කළ යුතු අතර, ඔබට සමහර ලේඛන පිටපත් සමඟ පෝරම කිහිපයක් පුරවන්න වෙනවා. | |
| Client | මට අදම ඔබේ කාර්යාලයට එන්න පුළුවන්, කරුණාකර මට අවශ්‍ය ලියකියවිලි පිටපත් මොනවාදැයි මට කියන්න, කරුණාකර ඔබේ කාර්යාලය තිබෙන ස්ථානය ද මට කියන්න. | |
|
Translation |
I can come to your office today itself, can you please let me know the what copies of documents are required, and please let me know the location of your office also. | |
|
8 |
Officer | You need to bring copies of your passport, visa and your driving license. Our office is located at 155 Victoria Street. You need to make AUD 500 as refundable deposit and you need to pay AUD 300 as connection fees. |
|
Translation |
ඔබගේ විදේශ ගමන් බලපත්‍රය, වීසා බලපත්‍රය සහ ඔබගේ රියදුරු බලපත්‍රයේ පිටපත් රැගෙන එන්න. අපගේ කාර්යාලය වික්ටෝරියා වීදියේ අංක 155 හි පිහිටා ඇත. ඔබ ආපසු ගෙවිය හැකි තැන්පතුවක් ලෙස AUD 500ක් ගෙවිය යුතු අතර ඔබ සම්බන්ධතා ගාස්තු ලෙස AUD 300ක් ගෙවන්න වෙනවා. | |
| Client | මම අවශ්‍ය සියලුම පිටපත් රැගෙන එන්නම්. මට මගේ ණයපත භාවිතයෙන් ගෙවීම කළ හැකිද? | |
|
Translation |
I will bring all required copies. Can I make the payment using my credit card? | |
|
9 |
Officer | We accept credit card payments; do you want to know anything else? |
|
Translation |
අපි ණයපත් ගෙවීම් පිළි ගන්නවා; ඔබට වෙනත් යමක් දැන ගැනීමට අවශ්‍යද? | |
| Client | නැහැ, ස්තුතියි. මම ඉක්මනින් ඔබේ කාර්යාලයට එන්නම්. | |
|
Translation |
No, Thank you. I will come to your office soon. |