
Domain: Employment
Gender of English speaker: Male
Gender of LOTE speaker: Female
Scenario: This dialogue conversation takes place between an employee and an officer in labor department, Mr. John. The employee wants to make a complain on unpaid wages.
The dialogue begins now.
|
No |
Speaker |
Segment |
|
1 |
Officer | Hello, Good Morning! My Name is John, how can I help you today? |
|
Translation |
ආයුබෝවන්, සුභ උදෑසනක්! මගේ නම ජෝන්, අද මම ඔබට උදව් කරන්නේ කොහොමද? | |
| Employee | සුභ උදෑසනක්, ජෝන් මහත්මයා. මම මෙහි පැමිණියේ පසුගිය මාස දෙක තුළ මගේ රැකියා ස්ථානයෙන් වැටුප් නොලැබීම පිළිබඳව පැමිණිල්ලක් කිරීමටයි. | |
|
Translation |
Good Morning, Mr.John. I came here to make a complain on not receiving wages from my employer during last two months. | |
|
2 |
Officer | Sorry to hear that, Can I know what is your employer’s name? |
|
Translation |
එය ඇසීමට කණගාටුයි, ඔබගේ සේවායෝජකයාගේ නම කුමක්දැයි මට ගන්න පුළුවන්ද? | |
| Employee | මම Star Service Limited කියන නිෂ්පාදන ආයතනයේ වැඩ කරනවා. | |
|
Translation |
I’m working in manufacturing company called Star Service Pvt Ltd. | |
|
3 |
Officer | Can you please give me more details. How long are you working with this company? Are you a full-time employee or a part time worker? |
|
Translation |
කරුණාකර මට වැඩි විස්තර ලබා දෙන්න. ඔබ මෙම සමාගම සමඟ කොපමණ කාලයක් වැඩ කරනවාද? ඔබ පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන සේවකයෙක්ද? | |
| Employee | මම මීට මාස 6කට පෙර මෙම ආයතනයට සම්බන්ධ වූ අතර, ඔවුන් මුල් මාස 2 තුළ මට නියමිත වේලාවට වැටුප් ගෙවා, පසුව වැටුප් ගෙවීමට ප්‍රමාද විය. පහුගිය මාස දෙකේ පඩි මට දුන්නේ නෑ. මම ඔවුන් සමඟ පූර්ණ කාලීන සේවකයෙකු ලෙස වැඩ කරනවා. | |
|
Translation |
I joined with this company 6 months ago, they paid my salaries on time during first 2 months, after that there was always delay to pay salaries. They didn’t pay me last two months salaries. I’m working with them as a full-time employee. | |
|
4 |
Officer | Have you discussed this matter with your employer, and what was his response? |
|
Translation |
ඔබ ඔබේ සේවායෝජකයා සමඟ මෙම කාරණය සාකච්ඡා කර තිබේද, ඔහුගේ ප්‍රතිචාරය කුමක්ද? | |
| Employee | ඔවුන් කිව්වෙ පෙර හිඟ සියලුම වැටුප් මාසයක කාලයක් තුළ ගෙවන බවයි. මට ඔවුන්ව විශ්වාස කරන්න බැහැ, ඔවුන් පසුගිය මාසයේ එකම දේ සඳහන් කළ නමුත් මට මගේ වැටුප ලැබුණේ නැ. මට පඩිය නැතුව වියදම් කළමනාකරණය කරගන්න හරිම අමාරුයි. | |
|
Translation |
They mentioned that all previous salaries will be paid within one month time. I can not believe them, they mentioned the same thing last month, but I didn’t receive my salary. It is very difficult to me to manage my expenses without my salary. | |
|
5 |
Officer | This is illegal, they are breaching Australian law. |
|
Translation |
මෙය නීති විරෝධීයි, ඔවුන් ඕස්ට්‍රේලියානු නීතිය කඩ කරනවා. | |
| Employee | මෙය විසඳා ගැනීමට ඔබ මට උදව් කරන්නේ කොහොමද, මට ඉක්මනින් මගේ වැටුප් අවශ්‍යයි. | |
|
Translation |
How can you help me to resolve this, I need my salaries urgently. | |
|
6 |
Officer | I can understand your situation, we have handled similar cases earlier. So don’t worry. |
|
Translation |
මට ඔබේ තත්වය තේරුම් ගත හැකිය, අපි මීට පෙරද එවැනිම අවස්ථා විසඳා තියෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. | |
| Employee | ස්තූතියි, මෙය විසඳා ගැනීමේ ක්‍රියාවලිය කුමක්ද, මගේ පැත්තෙන් යමක් කරන්න අවශ්‍ය දැයි මට දැන ගන්න පුළුවන්ද? | |
|
Translation |
Thank you, Can I know what is the process to resolve this, is anything required from my side? | |
|
7 |
Officer | We can assist you to resolve this issue, first we need to register your complain in our system, then we will start our investigations. |
|
Translation |
මෙම ගැටලුව විසඳීමට අපට ඔබට සහාය වෙන්න පුළුවන්, පළමුව අපට ඔබේ පැමිණිල්ල අපගේ පද්ධතිය තුළ ලියාපදිංචි කළ යුතුය, පසුව අපි අපගේ විමර්ශන ආරම්භ කරනව. | |
| Employee | මේක ඇසීමට ඉක්මන් වැඩි බව මම දන්නවා, නමුත් මට මගේ වැටුප ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ කවදාද? | |
|
Translation |
I know this is too early to ask, but when can I expect to receive my salary? | |
|
8 |
Officer | I cannot give you an exact date, You have to fill these forms and give me. Please ensure to provide all details accurately. We will call you once we make a progress. |
|
Translation |
මට ඔබට නිශ්චිත දිනයක් ලබා දෙන්න බැහැ, ඔබ මෙම පෝරම පුරවා මට දෙන්න. කරුණාකර සියලු විස්තර නිවැරදිව සැපයීමට වග බලා ගන්න. අපි ප්‍රගතියක් ලබා ගත් පසු අපි ඔබට කතා කරන්නම්. | |
| Employee | ස්තූතියි, මම ඔබේ ඇමතුම එනතුරු බලා ඉන්නවා. | |
|
Translation |
Thank you, I’m waiting for your call. |